post

Friday, January 20, 2017

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..

ලොවට රහසින් අදුරු කුටියක

කෝවලන් ලග සලු ලිහන්නැති

රන් රිදී මුතු ගෑවිලා නැති

පා සලබ අමතකව එන්නැති..


පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....